එටිකා, අයි.ටී. සහ මිත්‍යාව

etca

යෝජිත එටිකා ETCA ගිවිසුම බලපානුයේ තොරතුරැ තාක්ෂණය  සහ නැවි කරමාන්තය යන ක්ෂේත්‍ර දෙක සදහාය. මෙයිනුත් වඩාත් විවාදාත්මක ලෙස සාකචිඡාවට භාජනය වන තොරතුරැ තාක්ෂණය , එහි අවශ්‍යතා සහ යෝජිත එටිකා ගිවිසුම  පිලිබදව  කෙරෙන විග්‍රහයකි මෙි.                                            

අයි.ටී ක්ෂේත්‍රෙය් රැකියා යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? 

  1. ප්‍රාතමික ලෙස IT භාවිතා කරන කමියුනිකේෂන් වැනි ස්ථාන
  2. සාමාන්‍ය IT සේවා.. Server / DB maintenance, typical SW outsourcing
  3. සාමාන්‍ය සේවා වලට වඩා දියුනු සේවා More advanced IT related services (BPOs/KPOs)
  4. ගනුදෙනුකරැගේ අවශ්‍යතාවය මත සිදුකරන සහ අගය එකතු කල සේවා. “Niche” IT services – do what the client demands with higher value add (with specialized knowledge) – IT audits, security consultancy, HPC, niche outsourcing
  5. ඔබගේම නිෂපාදන Products (build our own products; entire SDLC or part; preferably with IP)

    යෝජිත එක්ටා ගිවිසුමට අනුව එය බලපානුයේ  3,4.5 යන ස්ථර වලට බව දැනට ඇති තොරතුරැ මගින් වාර්ථා වෙි. ඒ තුල පිහිටා ඉදිරියට යමි.

3, 4, 5,යන ඛාන්ඩ වලට තරග කරන අනෙකුත් රටවල්

1) More advanced IT related services (such as IT related financial services, BPOs/KPOs) – depends on specific skill advantages. Accounting (may be legal too) is a clear case where we have an advantage. Competitors – India, Ireland) අයර්ලන්තය, ඉන්දියාව

2) “Niche” IT services (do what the client demands but with higher value add with specialized knowledge) – depends on industry. Competitors – India, Ireland)අයර්ලන්තය, ඉන්දියාව

3) Products – build our own products (entire SDLC or part; preferably with IP) – Israel, US, some European countries, a few Asian companies (not countries) ඊස්රායලය, ඇමරිකාව, යුරෝපය 

ලෝකය අපව දකින්නේ කෙලෙසද ?

et1

මෙ අනුව ශ්‍රී ලංකාවට IT ආයෝජන සදහා ඉතා හොද පිලිගැනීමක් ඇති බව කිව හැකියි.

       අප තරගකාරීද ?   ඔවි..  මෙන්න දත්ත..!

et-2

     

   දැනට මෙම ක්ෂේත්‍රයේ රැකියා නියුක්තිකයන්ගේ  සංඛ්‍යාලේඛණ

et4

2014දී* ලංකාවෙ තොරතුරැ තාක්ෂණ ක්ෂේත්‍රෙය් රැකියාවෙ නියුතු මුලු ගනන 82,500 වූ අතර 2015 ** වන විට මුලු ගනන 85 – 90,000 අතර ගනනක් වෙතැයි ගනන් බලා ඇත.

උදාහරණයක් ලෙස ඉන්දියාවෙි  ටාටා (TATA Consulting) ආයතනයේ පමනක් දැනට 300,000 *** වඩා සේවය කරන අතර සැම අවුරැද්දක් පාසාම 30,000 බදවා ගනිති.

Sources *

“Sri Lankan IT/BPM Industry 2014 Review” by SLASSCO‍                                                                        **  ICT Workforce Study of 2013                                                                                                                      *** Rajan Anandan, http://island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=150498

                  

දැනට මෙම ක්ෂේත්‍රයේ අපනයන ආදායම

2014 දී එය ඇමරිකානු ඩොලර් මිලියන 850 * වු අතර 2015 දී එය ඩොලර් මිලියන 900 වනු ඇති බව ලංකාවෙ තොරතුරැ තාක්ෂණ සේවා සපයන්නන්ගේ සංගමය (SLASSCO‍) ගනන් බලා ඇත.

* “Sri Lankan IT/BPM Industry 2014 Review” by SLASSCOM

et-3

                                               

ලංකාවෙි තොරතුරැ තාක්ෂණ ක්ෂේත්‍රෙය් අනාගතය සහ එහි අභියෝග

ඉතාමත් අඩු  පිරිවැයක් , ඉඩකඩක් සහ අමුද්‍රවය භාවිතයකින් ලොව වැඩිම ආදායමක් ලබන කර්මාන්තය වන තොරතුරැ තාක්ෂණ සේවාව රැදී පවතින්නේ දැනුමැති මානව සමිපත මතය. තොරතුරැ තාක්ෂණ සේවා සපයන්නන්ගේ සංගමය  “Sri Lankan IT/BPM Industry 2014 Review” by SLASSCOM යන වාර්ථාවෙන්  පවසන පරිදි 2022 වන විට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් දක්වා රැගෙන යැමට අපේක්ෂා කරති.  පස්ගුනයක ආදායමක්..!!

නමුත් ඒ සදහා 2022 වන විට ලක්ෂ දෙකක පමන මානව සමිපතක් අවශ්‍යව ඇත.අවුරැද්දකට අලුතින් 15,000 අවශ්‍යව ඇත.

සැබෑ ප්‍රශ්ණය ඇත්තේ මෙතැනය…!!

අප දැනට ලංකවෙි අයි.ටී ක්ෂේත්‍රෙය තුල බිහි කරන්නාවූ මානව සමිපත දිහා බලමු… 

et5

වසරකට ඉල්ලුම උපාධිදාරීන් 15,000කි…!!

නමුත්  සැපයුම  උපාධිදාරීන්  7000ක් පමනි..!!!

හිගය 8000කි….!!!      

ඩොලර් බිලියන 5 ක ඉලක්කය වෙත යෑමට නමි වසර 2022 වන විට අලුතින් ශ්‍රමිකයින් ලක්ෂ 2 ( 200,000 ) කට වඩා අවශ්‍යව ඇත.

එසේ නමි අපට ඇති විකල්පයන් මොනවාද?

1 කිසිවක් නොකර සිටීම

2 විප්ලවකාරී ලෙස හොද වෘත්තිකයන් බිහිකිරිම

3 ව්‍යාපාර විදෙශ රටවලට රැගෙන යෑම

4 හිග මානව සමිපත ආනයනය කිරීම

 වඩාත් ප්‍රායෝගික නමි..
 

1) වෘත්තිකයින් දේශීයව සුදානමි කිරීම                                                                                                                    

2) විදේශ රටවලටත් ව්‍යාපාර රැගෙන යෑම                                                                                                                

3) වෘත්තිකයන් විදේශයකින් ආනයනය කිරීම                                                                                                        

කෙසේ වෙතත්…………….

1 කිසිවක් නොකර සිටීම…!!

picture1

ඉහත වගුවෙි දැක්වෙන පරිදි පසුගිය වසර හත අටක ගමන් මග තුල මෙම ක්ෂේත්‍රය ඉදිරියට ගොස් ඇත්තේ මන්දගාමී ස්වරෑපයෙනි.

එසේ නමි ආර්ථිකයට නව පිබිදීමක් ඇති කරමින් වසර කිහිපය තුල උපයා ගත හැකි ඩොලර් බිලියන 5 ක මුදලට පයින් ගසන්නෙමුද ?

අප අත්හරින අවස්ථාවන්  වෙනුවෙන් අනෙකුත් තරගකාරී රටවල් වන බන්ගලිදේශය, පකිස්ථානය , ලතින් ඇමරිකාව , පිලිපීනය , චීනය , වියටිනාමය ආදී රටවල් සැදි පැහැදී සිටින බව ඔබ දන්නවද ?

2 විප්ලවකාරී ලෙස වෘත්තිකයින් බිහි කිරීම…!!

ඉල්ලුම වසරකට 15,000 කි .

සැපයුම වසරකට 7000කි ( මින් උපාධිධාරීන් 3000 කි )

හිඩැස වසරකට 8000කි ( $ බිලියන 5 ක ඉලක්කය වෙත යෑමට නමි )                                           දස වසරක ව්‍යපෘතියක් ලෙස වසරකට 15.000 බැගින් වෘත්තිකයින් බිහි කිරීමට නමි මෙි දැන්ම පටන් ගත යුතුවෙි.

දැනට දේශීය ලෙස ( 7% ) බිහිකරන ප්‍රමාණය අනුව 2022 වන විට 40,000 ක හිගයක් …!! (අවශ්‍ය – 200k , සැපයුම 160 k)  

එසේ නමි හිග 40k ප්‍රමාණය ආනයනය කල නොහැකි ඇයි ? 

Local companies have a higher cost per person ($25k to hire an Indian to SL vs. $56k to hire in India..  Salary: $ 9k for SL in SL, $13k for Indian in SL)

Will cost Sri Lankan companies an extra $1.2B for 40,000 people per year !!! 

තවදුරටත් දේශිය ලෙස නිපදවීමට නමි…   ඉක්මනින් ඒ සදහා පිවිසිය යුතුයි. විශාල ලෙස විද්‍යා සහ තාක්ෂණ අංශයට මුදල් පොමිප කල යුතුයි..2016 දී රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ඇතුලත් කරගත් සංඛ්‍යාව අනුව මෙ ඉලක්කයට යෑම විහිලුවකි.. පහතින් බලමු…

et-8

කෙසේ වෙතත් සුභදායි ආරංචියක් වන්නේ 2016 වසරට නව විද්‍යා සහ තාක්ෂණ පාඨමාලාවන් හදුන්වා දීමයි..  පහත වගුව..

et-10

අනාගතය සදහා විද්‍යා හා තාක්ෂණ විෂයන් වෙනුවෙන් ආයෝජන කල හැක්කේ කෙසේද ? එසේනමි….

කලා උපාධි සහ රාජ්‍ය  සේවය වහාම කප්පාදු කල යුතුය..Cut down drastically on “Arts” grads & govt. employees

රාජ්‍ය සහ පුද්ගලික අධ්‍යාපනය තුල තත්වය සහ වගකීමි ස්ථාපිත කල යුතුය. ඒ සදහා ජාත්‍යන්තර සහාය ලබාගත හැක. Enforce quality & accountability , both in public & private education (with international help)  (“6%” discussion from 2012)

සියල්ලම නොමිලේ යන යල් පැනගිය සංකල්පයෙන් ඉවත් විම Get out of the “free education” (in fact “free” everything) mindset!

පුද්ගලික අංශයට මෙ සදහා මුල්තැන දිය යුතුය..Get private sector to lead the way

අවුරැදු දහයක් ඇතුලත දේශිය ලෙස ඉල්ලුම සැපයූවද එයින් විදෙස් ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාවය පහව නොයනු ඇත.Even if we succeed in 10 years, that will not nullify the need for external workers

ඉදිරිට බොහෝ විට ඉල්ලුම වැඩි විය හැක . ඒ අතරම විදෙස් ගතවන්නන් සහ විශ්‍රාමිකයන් ගැනත් සැලකිය යුතු වෙි.Demand will be higher by that time / migration / retirement

මගේ අදහස අනුව මෙ ක්ෂේත්‍රය පිබිදීමක් ඇති කල හැකිනමි 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15 ක් දක්වා , එනමි අද අපගේ ප්‍රධාන විදේශ විනිමය ගෙන එන මැදපෙරදිග රැකියාවන්හී නියුතු අයවලුන්ගේන් ලැබෙන මුදල මෙන් දෙගුනයක් කරා ගමන් කල හැකි බවයි.. My view – Industry should be aiming for at least USD 15B by 2030 employing 400,000 (2014 – 85k, $900k;  2022 – 200k, $5B)                            මෙ අනුව වෘත්තිකයන්ගේ හිගය 200k by 2022 – 40k gap  සහ   400k by 2030 – 110k gap!

3 ව්‍යාපාර විදෙස් රටවලට රැගෙන යෑම….!! 

විකල්පයක් නොමැති කම නිසා සමහර ව්‍යාපාර දැනටමත් ඒ සදහා යොමු වී ඇත.                                                  මෙයින් ලංකාවට අහිමි වන්නේ..

සෘජු රැකියා සහ බදු , Direct employment, taxes  

වක්‍ර රැකියා සහ ඒ ආශ්‍රීත බදුIndirect employment, taxes & multiplier effects

පිටරටවල ස්ථාපිත කිරීම මගින් ව්‍යාපාර වලට විශෘල අමතර මුදලක් වියදමි කිරීමට සිදු වීම..   ( මෙම ලිපියේ ” අප තරගකාරීද  ” යන මාතෘකාව යටතේ ඇති වගුවෙි එක් එක් රටවල ව්‍යාපාරික ස්ථාන වල මිල ගනන් අනුව ලංකාවෙි sq meter එකක් $227 වන විට එම ප්‍රමානය ඉන්දියාවෙි $918 කි )  We become less competitive ($1.2B / year extra to set up shop in India for 40,000 people)

4 හිග මානව සමිපත ආනයනය කිරීම …!!

time

ඇයි ඉන්දියානුවන් ? පහත වගුව බලන්න..

et6a

ඉහත වගුවෙන් ඇයි  ඉන්දියානුවන් යන්න පැහැදිලි  වෙි යැයි සිතමි .. නැතිනමි..

යෝජිත ECTA ගිවිසුමේ  I.T  ක්ෂේත්‍රය පිලිබද නිතර ඇසෙන විවෙචන

1)  ඉන්දියානු වෘත්තිකයන් ලාභදායකය.. ඒ නිසා මෙය දේශීය IT වෘත්තිකයන්ගේ් වැටුපටත් බලපානු ඇත.  පිලිතුර නැත.!! ඉහත වගුව බලන්න.ඉන්දියනුවන්ගේ සාමාන්‍ය වැටුප වර්ශයකට ඇ.ඩො. 10,170 වන විට දේශීය වැටුප වසරකට ඇ.ඩො. 8996 කි. මීට අමතරව එක ඉන්දියානුවෙකු බදවා ගැනීමට ඇ.ඩො. 2500ක් වැය වෙි.                                                                                           

2) ලංකාව ඉන්දියානුවන්ගෙන් පිරී යයි.. පිලිතුර නැත. එය ඉල්ලුම සැපයුම අනුව සිදුවෙි.

3) දේශිය වශයෙන් සොයා ගත හැක.  පිලිතුර නැත. ඒ පිලිබදව ප්‍රමාණවත් කරැනු මෙ ලිපියේ අන්තරගතව ඇත.

4) සංස්කෘතික ප්‍රශ්න , ඉන්දියානුවන් ගදයි. පිලිතුර ඔවි ඔබ ජාතිවාදී නමි..මා මුලින්ම යුරෝපයේ රටක රැකියාවට ගිය විට ඔවුනුත් කීවෙි මා ගදයි කියාය. නැතිනමි ඉන්දියානුවෙක් කියාය.එහෙත් ටික කලකින් ඔවුන් මගේ මිත්‍රයන් වූහ. ලිංමැඩි මානසිකත්වයෙන් ඉවත් වෙමු ..

5) දක්ෂ ඉන්දියානුවන් දැනටමත් වෙනත් රටවලට ගොස් ඇති බැවින් අපට ඉතිරි වන්නේ හපයයි.. පිලිතුර ඔවුන් තෝරා ගන්නවාද නැද්ද යන්න ඒ ඒ ආයතන වලට බාර කරමු. මෙ ආයතන මෝඩයන් විසින් පාලනය නොකරති. යමි ආයතනයක් වැඩි වියදමක් දරා ඉන්දියානුවෙක් බදවා ගන්නේ නමි එයට හේතුවක්ද ඇත..

මෙ පිලිබද තවත් විස්තර පහතින්…

ke

ke1

ke2

ke3

ke5

ke-6

et-11

et-12

et-13

යෝජිත ETCA ගිවිසුමෙි IT ක්ෂේත්‍රෙය් වාසි වගේම ලිහාගත යුතු ගැටලු කිහිපයක්ම ඇති බව රහසක් නොවෙි. තොරතුරැ තාක්ෂණය ගැන කිසිත් නොදන්නා ඇමති  මලික් සමරවික්‍රම විසින්  මෙ ක්ෂේත්‍රයට කොහෙත්ම අදාල නොවන , ඒත් සියල්ල දත් යැයි සිතන රජයේ වෙද්‍යවරැන්ගේ සංගමයේ පාදෙනියට මෙ යෝජිත ගිවිසුමෙි කොපියක් මාධ්‍ය ඉදිරියේ ලබා දුන්නත් , තවම මෙි තොරතුරැ තාක්ෂණ ක්ෂේත්‍රෙය් ව්‍යාපාරිකයන් සමග විධිමත් සාතචිචාවක් පවත්වා නැත.. එය නමි ඇත්තටම කනාගාටුවට කරැණකි.

 ප්‍රීයන්ත ජයවර්ධන 26/10/2016

Sources –

ICT Workforce Study of 2013

http://island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=150498

ICTA workforce survey of 2013

Click to access speech_20150515e.pdf

SLASCOMM & Great Places to Work reports

https://www.atkearney.com/documents/10192/430128/Country_Competitiveness_Study-Sri_Lanka.pdf/7d3033a4-5935-41d8-bf99-a1462bf7d553

http://island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=152394

Click to access yimg_ZwYnLb.pdf

ETCA හෙවත් ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළදපොල හිලෑ කිරීමේ වැයම

ETCA Or Any Other Policy Is Destined To Fail If Not Properly Managed

http://www.economynext.com/Sri_Lanka_imports_from_India_mostly_outside_free_trade_deal,_70_pct_of_exports_from_FTA-3-1633.html

ETCA Or Any Other Policy Is Destined To Fail If Not Properly Managed

http://www.ft.lk/article/564554/Barriers-beyond-tariffs–Sri-Lanka-s-exports-to-China

ස්කැන්ඩිනේවියානු රටවල් සාර්ථක වී ඇත්තේ සමාජවාදී ක්‍රමයක් නිසාද ? Third Way

sweden-moon-fun

ස්කැන්ඩිනේවියානු  රටවල් සාර්ථක වී ඇත්තේ සමාජවාදී ක්‍රමයක් නිසාද ?

පුද්ගලික අභිමතාර්ථ  සහ සමාජ සාදාරණත්වය සමබර කිරීම සදහා පූර්ණ සමාජවාදයකට යා යුතු යැයි තර්ක කරන දෙශපාලකයින් උගතුන් බුද්ධිමතුන් යැයි කියන අය අදත් බොහෝ ඇත. සමිප්‍රදායක ලෙස දශක ගනනාවක් සමාජවාදය අත්හදා බලා අද ඒ සියලුම රටවල් පාහේ කඩා වැටී තිබෙන අවස්ථාවක සමාජවාදයේ අන්තිම තුරැමිපුව ලෙස ස්කැන්ඩිනේවියානු රටවල් උදාහරණයට ගන්නා බවක් පෙනී යන නිසා මෙය ස්කැන්ඩිනේවියානු රටවල් වල පවතින්නාවූ ක්‍රමය ගැන යමි සාධනීය විපරමකි..

අධික ශීතල සහිත බල්ටික් මුහුදින් සහ නොර්වෙජියානු මුහුදින් වටවී ඇති නෝර්වේ ,ඩෙන්මාර්කය,ස්වීඩනය  යන රටවල් ලොව අනෙකුත් රටවල් වලට සාපේක්ෂව නීතිය කඩවීමි අවම මටිටමක පවතින අතරම සෙෘභාග්‍යමත් ජීවිත ගෙවන රටවල් අතුරැන් මුල් තැන පසුවන්නේ ධනය රජය විසින් බෙදාහැරීම නැතිනමි පුනර්ව්‍යාප්තිය (redistribution ) නිසාද ?

බලමු නේහ් ..!!

ගැහැණිය කිසිවෙකුගේ බූදලයක් නොවේ.!! නමිබුව සහ වියෝලාගේ කථාව..

කොමියුනිස්ටි කෙමාර් වරැන් කාමිබෝජය අමු සොහොනක් කල වග..

000_APP2000041902849-kYIG-U10402924678194dhF-700x394@LaStampa.it.jpg

1975 ..හරියටම මීට අවුරැදු හතලිහකට පෙර ,

කලු දුමින් වසා ගත් පැරණි චීන යුධ ටැංකි වල නැගී, ජයග්‍රාහී ප්‍රීති ඝෝෂා නගමින් කෙමාර් රැජ් වරැන් ( Khmer Rouge ) පෙනොමි පෙන්ග් ( Phnom Penh ) නගරයේ වීදි වලට අවතීර්ණ වෙමින් පැවතින. අවුරැදු ගනනක් පැවති කුමන්ත්‍රණ ,ජාතිවාදී අරගල ,යුද්ධ ආදිය නිම වී කාමිබොජයට සාමය පැමින ඇති සෙයකි.. සාමයේ අරැණලුත් සමග වීදි දෙපස වර්ණවත් සරමි වලින් සැරසී ජනතාව කොඩි වනමින් , ප්‍රීති ‍ඝෝෂා නගමින් කෙමාර් වරැන් පිලිගත්හ.. නමුත් .. එම සතුට පැවතියේ පසුදින උදැසන තෙක් පමනි.. මෙ කිසිවෙකුත් නොසිතු ලෙස එම කාලය තුල ලෝක ඉතිහාසයේ තවත් එක් දරැනු ජන සංහාරයක ආරමිභය සැකසෙමින් පැවතිණ.

_76722298_51950509.jpg

ජන සංක්‍රමණය  ( The mass exodus)

නගරය අතහැර “තාවකාලිකව” අසල ගමිමානවලට යෑමට සුදානමි වෙන ලෙස ශබිද විකාශන යන්ත්‍ර වලින් අන කරන ලදී. ජනතාව කිසිදු චකිතයකින් තොරව දිගු පොලිමි වල පෙල ගැසී තමන් ප්‍රීතිය පල කල කෙමාර් වරැන්ගේ අනට කීකරැවිය. සමහරැන් අතේ කෑම ස්වල්පයක් තිබුනද වෙනත් කිසිදු දෙයක් ඔවුන්ගේ දෑත් වල නොතිබින.. සංක්‍රමනය අවසන් විය..පැය කිහිපයක් ඇතුලත මුලු පෙනොමි පෙංග් නගරය එකම හොල්මන් නගරයක් මෙන් හිස් විය. නමුත් “තාවකාලික” යැයි කී  අන වෙනස් නොවින.. ලෝක ඉතිහාසයේ තවත් එක් දරැනුතම සමූල ඝාතනයක් එසේ ඇරඹින..

 

soldiers4.jpg

කෙමාර් රෑජ් වරැන් බලයේ සිටි ’75 සිට ’79 කාල සීමාව අද සිරියාවෙි අයිසිස්  ( ISIS ) හා සමාන කල හැක.. අයිසිස් තරැණ ලමුන් මොලය සෝදා වැඩිහිටියන් ලෙස ඝාතන කිරීමට යොදා ගන්නාක් මෙන්, කෙමාර් වරැන්ද ලමුන් මෙ ඝාතන සදහා යොදා ගැනින.. ඒ ලමුන් මීට පෙර පැවති ධනවාදී ක්‍රමයේ ඇති දෑ පරිහරණය කර අත්දැකීමි නොතිබුන බැවින් ( because still pure from the temptations of capitalism) යුද්ධයකදී  සහාසික අතකොලුවක් කිරීමට පහසු බැවිනි.. ජීවිතය සහ මරණයේ අරැතවත් ඔවුන් නොදන්නවා විය හැක.. ඔවුන් අතට කලිෂ්නිකොවි ( Kalashnikov ) තුවක්කුක් දී තම අනට කීකරැව ජීවිතයත් මරණයත් තීරනය කිරිමෙි අයිතිය ඔවුනට දීන..  ඉතිහාසයේ සිට ලොව පැවත එන ක්‍රමය වන ගමි වල සිට නගරයට පැමීණීම වෙනස් කරමින් ඔවුනට අවශ්‍ය වුයේ කොමියුනිස්ටි ක්‍රමයේ අත්හදාබැලීමක් වන නගරයේ  සිට ගමට රටෙි මුලු ජනතාවම රැගෙන ගොස් වගා බිමි වල වැඩකරවීමයි ..

1407395060148_wps_15_Corpses_found_at_a_prison.jpg thefederalist-gary.blogspot.com[slash]2012[slash]02[slash]communist-butcher-gets-life-in-prison.html.jpg

ඝාතන භූමි ( The “killing fields” )

ගොවි පවුල් වලට අයිති නොවන ජනතාව වෙනම කදවුරැ වල රදවා තිබූ අතර පසු කලෙක මෙම ප්‍රෙද්ශ කිලිංග් ෆිල්ඩිස් ලෙස හැදින්වින.. ( පසු කලෙක මෙම කදවුරැ අලලා Roland Joffè  විසින් අධ්‍යක්ෂනය කල “killing fields” නමින් චිත්‍රපටයක්ද නිකුත් වින ) ගොවි පවුල් වලට අයිති නොවන අයට ඉතිරි වුයේ මරණය පමනි.. පසුව කෙරැනු පරීක්ෂණ වලින් හෙලි වුයේ 1.386.734 ප්‍රමාණයක් ජනතාව සමුල ඝාතනය කල බවකි . මෙ ජන සංහාරයට නායකත්වය දුන්නේ ප්‍රංශයේ සර්බෝන් විශ්වවිද්‍යාලයෙන් “උගත්” කොමියුනිස්ටි පක්ෂයේ නායක පෝල් පොටි ( Pol Pot ) විසිනි.

 

 

49f56c416d1693e98876b36f2cada734.jpg

ආසියාව සහ කාමිබොජය එකල ලෝක බලතුලනය රැක ගැනීමෙි ආයුධයක් විය.. එක් පසකින් අධිරාජ්‍යවාදයත් අනෙක් පසෙකින් ජාතිකත්වය පිලිබද අරගලත් තවත් පසෙකින් ලෝක බලවතුන් ආසියාවෙි තම ආධිපත්වය පිහිටුවීමෙි අභිප්‍රායත් එහි විය.. නික්සන් විසින් චීනය සහ රැසියාවෙි ආසියානු ආක්‍රමනය වැලැක්වීමෙ උත්සාහයත්, චිනය සහ රැසියාව විසින් ආසියාව තුල තම බලය තහවුරැ කරගානීමෙි උත්සාහයත් මෙහි විය.. නමුත් අවසානයේ සයිගොන් නුවරින් ඇමරිකානු තානාපතිවරයා හෙලිකොප්ටරයකින් පලා යෑමත් , කෙමාර් රෑජ් වරැන්ගේ පැමිනීමත්  සමග ඉතිහාසය වෙනත් මගක් ගැනින..

පසුගිය වසරේදී ජාත්‍යන්තර අධිකරණයක් මගින් ඉතුරැ වී සිටි කොමියුනිස්ටි නායකයන් දෙදෙනෙකු වන Khieu Samphan සහ  Nuon Chea හට මරණ දඩුවම නියම වු නමුත් අවුරැදු   83 සහ 88 පසුවන ඹවුනට වයස සලකා ජීවිතාන්තය දක්වා සිරගත කෙරිනි..

කෙසේ නමුත් ඔවුනගේ ඉතිරි ජීවිත කාලය සිරකුටියකට වී තමන් විසින් මරා දමන ලැබු 1.386.734 වන ජනතාවගේ ආත්මයන් සමග කල් ගෙවීමට සිදු වනු ඇත..

416834154.jpg

20140128161603-14.jpg

camboya1.jpeg

පියා සහ පුතු ….

පුතෙකු තම මහලු  පියා රාත්‍රී ආහාර වේලක් සඳහා ආපනශාලාවකට රැගෙන ගියේය..

පියා මහලූ වීම නිසාම තම ක්‍රියාවන් පවා පෙර මෙන් හැසිරවීමට අපහසුතාවයක් ඇති බව පෙනින..
ආහාර ගනිමින් සිටින විට ඉඳහිට ආහාර  ඔහුගේ කමිසයටත් , කලිසමටත් වැටින..
සෙනග පිරී සිටි ආපනශාලාවේ හිඳි අනෙක් අය මේ දෙස විමසිල්ලෙන් බලමින් මුමුණන්නට වී මුත් පුතා කිසිදු තැකීමකින් තොරව  සන්සුන්ව ආහර ගන්නට විය..

දෙදෙනාම ආහාර ගැනීම අවසන් කලේය..
කිසිදු චකිතයකින් තොරව නැගිට පියා වාරුකරගත් පුතා , ඔහුව පිරිසිදු කිරීමේ කාමරය වෙත රැගෙන ගොස් මුහුණ පිසදා ඇදුමේ තැවරුනු දෑත් හැකි තරම් පිරිසිදු කලේය ..
තම සාක්කුවෙන් පනාව ගෙන සුදුවන් හිසකෙස් පිලිවෙලකට  පීරා , කන්නාඩියත් පැලඳවා පියා දෙස ආදර බැල්මක් හෙලීය..

නැවතත් දෙදෙනා කාමරයේ සිට කෑම ශාලාවට අවතීර්ණ වන විට මෙතෙක් කසු කුසු ශබ්ද , පිගන් ශබ්ද වලින් පිරී තිබු ශාලාවේ තිබුනේ ගැඹුරු නිහඬතාවයකි..

අයකැමි වෙත ගොස් මුදල් ගෙවා පිටවීම සඳහා දෙදෙනා ගමන් කරන විට තවත් මහලුවියේ අයෙකු නැගිට උස් හඬ්න්

” ඔයා මොකක් හරි දාලා  යනවා වගේ .. නේද ? “

මුදල්  පසුම්බිය අතගාමින් ” නැහැ .. ඔක්කොම ගත්තා ” පුතා පැවසීය ..

” නැහැ ..! ඔයා දෙයක් මෙතන තියලා යනවා… ඔයා තියලා යන්නේ හැම දරුවෙකුටම පාඩමක්… හැම දෙමාපියනටම බලාපොරොත්තුවක් “……

ශාලාවේ නිහැඬියාව දිගටම…

@ප්‍රියන්ත ජයවර්ධන

මීට අවුරැදු 20 කට පෙර ලංකාවෙි සයිබර් අවකාශයට අවකාශය ගෙන දුන් පුරෝගාමියෝ සහ රෙදි ගැලවෙන රස කතා……

Featured image

මීට අවුරැදු  කට පෙර ලංකාවෙි ප්‍රථම අන්තර්ජාල සේවා සපයන ආයතනය – Internet Service Provider (ISP) බිහිවිය. එය නමින් Lanka Internet Services Limited. නමි විය.

මෙය බිහි කිරීමට මුල්වූයේ ඇමරිකාවෙි සිලිකන් වැලි ( silicon valley) හි පර්යේෂන ආයතන වල සේවය කල ශ්‍රී ලාංකික බුද්ධිමතුන් පිරිසකි. ආචාර්්‍ය ප්‍රභාත් සමරතුංග Moratuwa University , මහාචාර්්‍ය සමන් අමරසිංහ MIT Boston Massachusetts , හේමන්ත ජයවර්ධන MIT Boston Massachusetts ( incidentally my brother ) චන්න ඩි සිල්වා මෙයින් ප්‍රධාන වන අතර දේශිය සහ විදේශිය ආයතන සහ පුදගලයන් කිහිප දෙනෙක් තාක්ෂනික සහ ආයොජන අතින් අනුග්‍රහය දැක්වීනි..
( ***වැඩි විස්තර සදහා විඩීයෝව බලන්න.)
එසේ අවු 20 කට පෙර ආරමිභ කරන ලද ලංකාවෙි සයිබර් අත්දැකීම අද ගූගල් ලූන් දක්වා යමින් පවතී..

දැන් රස කතා…
මුලින් ප්‍රධාන තාක්ෂන නිලධාරියාව සිට1997 සිට 2000 වසර දක්වා ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කලේ හේමන්ත ජයවර්ධනය.. මෙහි ප්‍රධාන කාර්්‍යාලය මුලින් නවමි මාවතේ IBM බිල්ඩිමෙත් පසුව ලෝක වෙළද මධ්‍යස්ථානයටත් ඉන්පසුව විවිධ සන්නිවෙිදන කුලුනු සවිකිරීමෙි අවශ්‍යතාවය මත ( ඒකල ෆයිබර් ඔක්ටිවි කේබල් තිබුනේ නැත )නාගරික සංවර්ධන අධිකාරිය සතු බමිබලපිටියේ ටවර් බිල්ඩිමටත් රැගෙන යන ලදී..
එකල නාගරික සංවර්ධන ඇමති වරයාව සිටියේ සුදෝ සුදු ජාතික ඇදුමින් සැරසුනු ඇමති වරයෙකි… මොහුගේ සහෝදරයාත් ඥාති සහෝදරයාත් පසුගිය පාර්ලිමෙන්තුවෙිත් සිටියේය..කටකාර ඥාති සහෝදරයා නමි තවමත් ඇත..
ආයොජන මන්ඩලයේ අනුමත මෙම ආයතනය සියලු තාක්ෂනික උපකරන සහිතව ටවර් බිල්ඩිමෙි ස්ථාපිත වූ පසු සුදෝ සුදු ඇදගත් ඇමතිවරයා ආයතනයෙන් කප්පමක් ඉල්ලා සිටියේය.. තමන් සියල්ල ටවර් බිල්ඩිමට රැගෙන විත් අවසන්ය. අවසානයේ කරන්නට දෙයක් නැතිවිය.. ඔහු ආයතනය වෙත පැමිනියේය.. ඉල්ලු මුදලම නොවුනත් යමි මිලියන ප්‍රමානයක් දීමට සිදුවිය.. එකල පන්දහසේ නොටිටු නොතිබිනි.. මිටි සැදු මුදල් නොටිටු තමාගේ සුදො සුදු වස්ත්‍රෙයේ උඩ කොටසේ ඇතුලෙන් පිහිටි සාක්කු වලට ක්‍රමානු කූලව තැන්පත් කෙරින..මෙම සාක්කු පගා මුදල් තැන්පත් කිරීමටම මසන ලද්දැක්දැයි සිතන තරමට සියලු මුදල් බහා ගෙන නැවතත් ඇදුම සකස් කරගෙන කිසිවක් නොවු ගානට ආචාර කොට යන්නට ගියේය…කෙසේ නමුත් මෙ ඇමතිවරයාගේ ඉවක් බවක් නැතිව කල තවත් මෙවන් ක්‍රීයා කලාප දැනගෙන චන්ද්‍රීකා සහ පක්ෂය විසින් ක්‍රමයෙන් මොහු ඉවත් කරන ලද බව ආරංචි විය.. අද ඔහු ගැන කිසිදු අාරංචියක්ද නැත…

ඔබ දන්නා පරිදි අද අන්තර්ජාලය මගින් skype wechat viber වැනි අඩු මුදලකට ඩෙිටා පමනක් ගෙවා අන්තරජාතික ඇමතුමි ලබා ගත හැකි බව…එකල තිබුනේ මෙවැනි එක් සේවාවක් පමනි.. එයද නොමිලේ ( ඩෙිටා ඇතත් ) නොව මුදල් ගෙවාය.. ඹබ මෙම ආයතනයෙන් සමිබන්ධතාවය ලබා ගෙන ඇමතුමි ගන්නේ නමි වැඩිපුර ගනනක් අයවෙි.. එම මුදලින් කොටසක් මෙම ආයකනයටත් සේවාව සපයන මවි ආයතනයත් හිමිවෙන පරිදිය. කෙසේ නමුත් අද මෙන් ටෙලෙකොමි දුරකථන ගාස්තු ඒකල අද මෙන් පහත මටිටමක නොතිබු නිසා මෙම සේවාවට කිසියමි වැඩිපුර ගෙවීමක් සිදු කලද පාරිභෝගිකයාට ඉතාමත් වාසි දායක විය..නමුත් එකල ලංකා ටෙලෙකොමි සමාගම මෙයට විරැද්ධ විය .. එයින් තමන්ගේ ආදායම පහල යැයි අනියත බියකිනි.. අද නමි අන්තර් ජාලයේ වීඩියෝ ඇමතුමි පවා ඩෙිටා පමනක් ගෙවා පාවිචිචි කල හැක.. නමුත් එකල බලධාරින්ට පවා අන්තර්ජාලය ගැන අවබෝධයක් නොවීය.. මෙන්න තවත් ඇමති පොරක් බොර දියේ මාලු බෑමට සුදානමින් …

මොහු කුරැනෑගල දිස්ත්‍රික්කයේ ටෙලෙකොමි සමිබන්ධව සිටි පොරය.. මොනවා උනත් ,පගාවක් උනත් පොර ටිකක් ඩීසන් විදිහට “මම ගෙයක් හදනවා .. සල්ලි ටිකක් අවශ්‍ය වෙලා තියෙනවා ” ඒ වෙනුවට අන්තර්ජාල ඇමතුමි සේවාව කරදයක් නැතිව කරගෙන යැම ඔහුගේ පැත්තෙන් ඉදිරිපත් විය.. ආයතනය පෙර මෙන් නොව දැඩි තීරනයක් ගෙන එම සේවාව මින් ඉදිරියට පවත්වාගෙන නොයන බව දැන්වීය.. ඇමති යන්නට ගියේය.. නමුත් නිසැකවම තවත් බිල්ලක් සොයා ගෙන ගේ වැඩ නමි ඉවර කරගන්න ඇත.. ඒ අතින් නමි මොවුන්ටඋපන් හපන් කමි ඇත..

තවත් මෙවැනිම පගාව ඉල්ලීමෙි අවස්ථා කොතිබුනාද නොවෙි. කෙසේ වෙතත්…

නැවතත් 2000 වසර ලංවිය.. ඒ චන්ද්‍රීකා රජය පිරිහෙමින් තිබු අවධියයි.. අද මෙන්ම තමන් පිරිහෙන විට විරැද්ධ පක්ෂයට කොටි ලේබල් ඇලවීමට උත්සාහා කරමින් තම දුර්වලතා වසා ගැනීම ජයටම කෙරිනි… ඒයට එක් ගොතන ලද මාතෘකාවක් වුයේ ප්‍රංශයේ සිට LTTE හිතවාදියෙකු විසින් විරැද්ධ පක්ෂ සාමාජිකයෙකුට එවන ලදැයි කියන ඊ මෙිල් පනිවුඩයකි .. මෙම ඊ මෙල් පනිවුඩය පැමින ඇත්තේ අප මෙ කතා කරන ආයතනය විසින් ලබා දී ඇති ලිපිනයක් මගිනි.. එකල ඊ මෙිල් කිවිවාට ඊ මෙල් යනු කුමක්දැයි හෝ එය ක්‍රියාත්මක වෙන්නේ කෙසේ දැයි වත් දැන සිටියේ කිහිප දෙනෙක් පමනි..
දැන් ඔබ ජී මෙල් එකවුන්ට එකකින් තවත් කෙනෙකුට යවන පනිවුඩයක සංයුතිය ගැන ගුගල් සමාගමට වගකීමක් නැත.. ඔවුන් කරන්නේ ඔබට පනිවුඩ හුවමාරැ කරගැනීමට අවස්ථාවක් ලබා දීම පමනි.. නමුත් සිදුවුයේ අනෙක් පැත්තය.. මෙය ගොතන ලද අතේ රෝලක් උවත් මාධ්‍යට කවුරැ හරි පෙන්විය යුතු විය.. ඔවුන් ඉහත ආයතනයේ ඉහල නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට සී අයි ඩී ය යෙදවීය.. කීප දෙනෙක් අත් අඩංගුවට ගැනිනි.. ප්‍රධාන විධායක නිලධාරියාට නුවරඑලියේ හිතවතෙකු ගෙදර සැංගී සිටීමට සිදුවිය…
පසුව නීතිඥ අද නව රජයේ ඇමති තිලක් මාරපන මහතා මාර්ගයෙන් ඉදිරිපත්වී සියල්ලටම ඇප ලබා ගැනිනි… නඩු වාර කිහිපයකින් පසු පැමිනිලි පාර්ශවය විසින් පැමිනිල්ල ඉවත් කර ගැනිනි..
ආයෝජකයන් හට රජයේ මෙම ” ගෙෘරවාන්විත සැලකිල්ල ” මත තමන්ගේ කොටස් විකුනා දමා බොහෝ අය විදේශ ගතවිය. ලංකාවට විශාල සේවයක් ලබා ගතව තිබු මොවුන් අද විදෙස් රටවල ඉහලම තනතුරැ වල ක්‍රීයා කරති..

2001 දී පැමිනි ඒ ජා ප ආන්ඩුව විසින් අන්තර්ජාල පහසුකමි සැපයීම සියලු දුරකථන ආයතන වලට වීවෘත කරන ලදි.. කලක් ගිය පසු ඉහත ආයකනය බංකොලොත්වු බව අසන්නට ලැබිනි..

කෙසේ නමුත් එකල මුලු ආසියාවෙිම රටවල් දෙක තුනකට පමනක් සීමාවී තිබු අන්තර්ජාල පහසුකමි මුලින්ම ලංකාවට ගෙනා ලංකා පුත්‍රයන්ට ප්‍රනාමය….

පාතාලය ජනසතු කල සොත්ති මහින්ද !!

Featured image

මහත්මා දේශපාලනය ලංකාවෙන් තුරන් වන්නේ 70 වෙි සමගි පෙරමුන ආන්ඩුවත් සමගය.. රටම දැඩි රාජ්‍ය හස්තයට නතු කරමින් සමගි පෙරමුණු රජයේ තිබු අසීමිත රාජ්‍ය ඒකාධිකාරය සමග නිලධාරිවාදය , හෙන්චයියලා තොග පිටින් බිහිවීම සිදුවිය.. ඉන්පසු කිරිපිටි පැකට් එකක් ගැනිමටත් මෙම දේශපාලන හෙංචයියන් පසු පස යාමට සිදුවේ. පුද්ගලික අංශයේ කොඳු කඩා ඇති බැවින් පුද්ගලික අංශය මගින් රැකියා ජනනය කිරීමක් නොකරයි. සීමිත රජයේ රැකියා වලට තරුණ තරුණියෝ පෝලිම් ගැසෙති. තානායම් පත්වීම් , අල්ලස් , අත යට ගනුදෙනු බහුලව සිදුවේ. රජයේ වැරදි පෙන්වීමට හෝ නිදහස් මාධ්‍යයක් නොතිබින..ලේක්හවුස් ආයතනය එක රැයින් තම රාජ්‍ය හස්තයට නතු කර ගත්තේය.. දවස තහනමි කෙරින..

77 දී ජේ ආර් ප්‍රේමදාස බලයට පැමිනීමත් සමග මෙි තත්වය කවත් උඩු යටිකුරැ කෙරින. හෙංචයියලාට අමතරව පාතාලයත් එකතු වින.දේශපාලනය පාතාලකරණය හා පාතාලය දේශපාලකයන් සමග විවෘතව ගනුදෙනු ඇරඹෙන්නේ මේ කාලයේ ය..සොත්ථි උපාලි , ගෝනවල සුනිල් නිදසුන්ය..

උතුරේ දෙමල අරගලය සහ දකුනේ ජවිපේ කල්ලියේ අරගලය අල්ලපනල්ලේ ආයුධ සංසරනය සුලභ වීමත් සමග පාතාලයන් තව තවත් ආයුධ සන්නද්ධ විය.
වන්ද්‍රීකා යුගයේ පාතාලයේ බැද්දගානේ සංජීවත් මහින්දගේ මුල් යුගයේ පාතාලයේ චන්ඩි මල්ලි, ජුලමිපිටිය අමරේ යනු නිතර හොද්දට ලුනු මෙනි..

මෙ සියල්ලම නැවතත් උඩි යටිකුරැ වන්නේ මහින්දගේ දෙවන ධුර කාලය ලංවෙත්මය..එනමි පාතාලය ජනසතු කරමින් ආරක්ෂක අමාත්‍යංගයේ ලේකමි ජුලමිපිටියේ ඝෝඨා යටතට පවරා ගෑමෙන් පාතාල දෙපාර්තමෙන්තුවක් පිහිටවීම මගිනි… පාතාලය දෙකක් එකට සිටිය නොහැක…සමිප්‍රදායික පාතාලයන් වන පාතාලයේ ගොඩි ෆාදර් වූ නාවල නිහාල් වැන්නවුන් දේහය වත් සොයා ගැනීමට නොහැකි වන සේ අතුරැදහන් කෙරින. ..පාතාලය අපි ඉවර කලා යැයි ජනතාවට පෙන්වීය .. නමුත් අලුත් පාතාල නායකයා සොත්ථි මහින්දත් ගොලයා ජුලමිපිටියේ ඝෝටා විය..පාතාලය වෘතිමය ( professional ) විය ..සුදු වෑන් , නවීන ආයුධ , තාක්ෂනික උපකරන, සියල්ලෙන් සමන්විත විය.. සාමාජිකයන් හැටියට බදවා ගත්තේ විශ්වාස වන්ත හමුදා සාමාජිකයින්ය.. කප්පන් ගෑනීමි , අතුරැදහන් කීරීමි – සිවරාමි , නිමලරාජන් , ලසන්ත , එක්නැලිගොඩ වැනි මාධ්‍ය වෙිදීන් ඝාතන, නොයා, තෙන්නකොන්, පේද්දල ජයන්ත ආදීන්ට පහරදීමි , රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනය , රවිරාජ් අතුලු දේශපාලන ඝාතන, පොස්ටර අලවමින් සිටි විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගේ ඝාතනය, කූගන් සහ ඔහුගේ සගයාගේ ඝාතනය ආදී සියල්ල සිදු කරන ලද්දේ මෙ පාතාල දේපාර්තමෙන්තුව මගිනි..

වාසනාවකට අද මෙම දෙපාර්තමෙන්තුව විසුරැවා හැර ඇති බවක් පෙනේ.. සොත්ථි මහින්ද සහ ජුලමිපිටියේ ඝෝඨා තමන්ම සිදුවු විපතෙන් තක්බීරී වී නැවතත් බලයට පැමින පාතාල දෙපාර්තමෙන්තුවට පන දීමට නිරර්ථක වැයමක යෙදී සිටි..

ජනතාව ප්‍රශ්න කරනුයේ මෙම ඝාතන වලට වගකිව යුත්තන් ඉක්මනින් නීතිය හමුවට රැගෙන නොයන්නේ ඇයිදැයි කියාය.. මෙම සිදුවීමි සියල්ලම රාජ්‍ය අනුග්‍රහය යටතේ නොව රජය මගින්ම සිදු කල දේ නිසා යමි දුෂ්කරතා ඇත.. අවසානයේ නීතිය හමුවට රැගෙන යන්නට සිදුවන්නේ ආරක්ෂක අංශ සාමාජිකයන් වන බැවින් තත්වයද සංකීර්නය..රවිරාජ් ඝාතනය සමිබන්ධයෙන් දැනටත් නාවික හමුදා සාමාජිකයන් කිහිප දෙනෙත් ඇතුලේය..එක්නැලිගොඩ සමිබන්ධයෙන් හමුදා කර්නල් වරැන් දෙදෙනෙක් ලගදීම ඇතුලට යාමට නියමිතය.. තාජුඩීන්ගේ සිරැර ලගදී ගොඩ ගනු ඇත.. දැනට ආරංචි වන පරිදි ආරක්ෂක අංශ පරිහරනය කල තුවක්කුවකින් ලසන්තගේ ඔලුවට තැබු වෙඩි පහරට සමාන සිදුරක් තාජුඩීන්නේ හිසේද ඇති බව කියති..
රට රැකීමට දිවුරැමි දුන් ආරක්ෂක අංශ සාමාජිකයන් මෙසේ මහින්ද ඝෝටා ගේ පාතාල අමාත්‍යාංශයේ වැඩට යොදාගැනීම නිසා වැරදි වලට අවසානයේ වන්දි ගෙවන්න සිදු වන්නේ මොවුන්ටය.. නමුත් නීතිය හමුවට මෙි ගොඩි ෆාදර්ලත් කවදා හෝ ගෙන ආ යුතුය .. සාධාරනය ඉශ්ඨ වන්නේ එවිටය….
@P.J.

“ඊයේ පෙරේදා බිහිවු තරැණයින් හුගක් දේවල් දන්නේ නෑ..” මහින්ද රාජපක්ෂ .

Featured image

ඉහත ප්‍රකාශය කිරිමට මහින්ද පෙලඹීමට හේතුව මා දකිනා පරිදි …
පසුගිය ජනපතිවරනයේ තරැන ඡන්ද අති බහුතරයක් පොදු විපක්ෂය නතු කරගැනීමත් , අන්තර්ජාලය බහුලව පරිහරනය කරන තරැණයින් විසින් අන්තර්ජාලය තුල මහින්ද විරොධී හඩ ප්‍රචලිත කිරීමත් නිසා විය හැකිය.
මා නමි හිතන්නේ අද තරැණයින් ඔනැවටත් වඩා දෙවල් දන්නා බවය.. අද අන්තර්ජාලය තුලින් තරැනයා ලෝකය දකිති.. සංසන්ධනය කරති.. අතීතයත් ගවෙිශනය කරති.. එතුලින් දේශපාලන මායාවන් වල ආයුෂ කෙටි වෙති.
කෙසේ උවත් තරැන ඡන්ද වෙනදා මෙන් නොව රටෙි ජන මතය වෙනස් කිරීමට ඉතා වැදගත් බව දැන් ප්‍රත්‍යක්ෂ කරැනකි..එය ඉතා සුභවාදීය.. අවුරැදු 70 -80 මහල්ලන් හිතුමතේට තරැනයන් වෙනුවෙන් තීරන ගත් කාලය අවසන් වෙමින් පවතී.

එහෙයින් අද තරැණ ආකර්ශනය වැඩිම පක්ෂය කුමක්ද ?

ජ. වි . පේ –
තරැනයන් කියු පමනින් මතකයට එයි ..ජ . වි. පේ . කෙලින්ම පිලිනොගත්තත් විශව විද්‍යාල මටිටමෙන් අන්තරය හරහා තරැනයන් සමග දේශපාලනයක් කලත් බොහෝවිට එම ශීෂ්‍යයින් තම දේශපාලනය විශ්වවිද්‍යාල ප්‍රශ්න වලට පමනක් සිමා කෙරින ..ඔවුන් ජ. වි.පේ සෘජු ක්‍රීයාකාරිත්වයකට සමිබන්ධවුයේ අල්ප වශයෙනි.. අද නමි අන්තරයේ බලය පෙරටුගාමීන් විසින් ඩැහැගෙන ඇති බව පෙනීයයි..
අද ඔබ ජ.වි.පේ. රැස්වීමකට ගිය හොත් ඔබට දක්නට ලැබෙනුයේ විනයකින් සපිරි අති බහුතරයක් අවු 45ට වැඩි අයියලාගේ සිට අංකල් යැයි කිව හැකි “තරැන” පුද්ගලයන්ය..

හේතුව – ඔනැම පක්ෂයක් හා සම කරන විට ජ.වි.පේ මන්ත්‍රීවරැන් දුෂනයෙන් තොර අවංක කැපවීමකින් කටයුතුකරන ආදර්ශමත් පුද්ගලයින්ය.. නමුත් පක්ෂයක් හැටියට තරැනයින් ආකර්ශනය නොවීමට හේතුව පක්ෂය තුල සංවාදයක් නොමැති වීමය.. ඔවුන් කියනුයේ තමන් අභ්‍යන්තර සාකාචිචා පවත්වන බවය.. නමුත් විය යුත්තේ අභ්‍යන්තර නොව විවෘත සාකචිචාය..එවිට ජනතාවට එම සාකාචිචාවට ඇතුලු වීමට අවකාශය ලැබෙි. .. පක්ෂයක් යනු සමාජිකයින් එකතුවී තිරන ගන්නා සිංහ සමාජයක් නොවෙි.. වෙගයෙන් ඉදිරියට යන තරැන ජනතා අදහස් එකතු කර ගැනීමට තමන් විවෘත විය යුතුය.. අවු 45 – 50 පසු කර ඇති දේශපාලන මන්ඩලයේ සාමාජිකයන්ට අවු 22 ක තරැනයෙකුගේ සිතුමි පැතුමි තේරැම ගැනීමට විවෘත විය යුතුය.. එවිට පක්ෂය තුලද මත ගැටුමි ඇතිවිය හැක… එය ස්වභාවිකය.. බිය විය යුතු නැත.. නැතිනමි දකිනුයේ පුදුමකරමින් හිටපු ගමන් සමිප් එකට තෙල් බැස ඇති බව පවසමින් සෝමෙි අංකල් මෙන් එලියට බසින දේශපාලන මන්ඩල සාමාජිකයන්ය.. Openness is always the foundation of insightful dialogue ….

ශ්‍රී.ල.නී.ප. හෝ නැතහොත් එ. ජ .නි .ස –

“ඊයේ පෙරේදා බිහිවු තරැණයින් හුගක් දේවල් දන්නේ නෑ..” යන රැවන් වැකිය මහින්ද රාජපක්ෂ මහතාගේ කටින් පිටවුයේ නිකමට නොවෙි . පාලකයා සහ හෙංචයියන් මහජන මුදලින් තම තරැන පුතුන් හට දෙන ලද රජ සැප, කටුනායක සහ රතුපස්වල වෙඩි තබා මරන ලද තරැන පීවිත, ජවිපේ පොස්ටර් අලවමින් සිටි තරැනයන් මරා දැමිම ආදී බොහෝ දේ මෙයට හේතුවූ බව මහින්දට නෙතේරීම අරැමයක් නොවෙි..අද ඔහුගේ අනුගාමිකයින් බොහෝමයක් ස්ත්‍රී පක්ෂය වන අතර වයස් ඛාන්ඩය අවු 40 ඉහල වෙයි..

හේතුව – අද මෙම පක්ෂය අන් කවරදාකටත් වඩා තනිකරම එක් පුද්ගලයෙකු නැතිනමි එක් පවුලක් වටා කේනද්‍රීයවු පක්ෂයකි …එය කෙතෙක් දුරට විකාශනය වුයේ දැයි කිවහොත් අවසාන වුයේ නායකයා තමන් රජෙකුට ආරෝපනය කර ගැනිමෙනි… කිසිදු සංවාදයක් නැත.. කල යුත්තේ රජ පවුලට සවන්දීම පමනි.. කිසිදු දෙවන පෙල නායකයෙක් නැත .. ඇත්තේ තාමත් රජ කමට සුදානමි නැති ලපටි රජ කුමරා පමනි.. රජ පැරදුන විට ලග සිටියවුන් නැවතත් රජ බලයට ගේන්නට තැත් කරනුයේ දෙවන පෙල නායකයෙක් නොමැති නිසාය.. එසේ නොමැතිව ඇත්තටම රජට ආදරයට නොවෙි.. දිනෙන් දින දැනුමෙන් පෝෂනය වන තරැනයන් ආකර්ශනය කරගැනීමට නමි බොහෝ වෙනස් කමි කල යුතුය..

ඒ ජා ප ය-
තාරැන්‍යය කියු පමනින් අතීතයේ මතක් වනුයේ බිහිසුනු ජවිපේ කැරලි මර්ධනයයි ..ශ්‍රී ල නි ප රජය යටතේද මෙය සිදුවිය. නමුත් මෙ හේතුවෙන් ඒ ජා ප ය දීර්ග කලක් විපක්ෂයේ සිටීමටද සිදු විය. කෙසේ වෙතත් මැත සිදුවු බල පෙරලිය තුල තරැැනයන් අති බහුතරයක් ඒ ජා ප ප්‍රමුඛ රජය ගැන විශ්වවාසය තබා කටයුතු කල බව අන්තර් ජාලය සැරිසරන ඔබ දනී..”ඊයේ පෙරේදා බිහිවු තරැණයින් හුගක් දේවල් දන්නේ නෑ..” මහින්ද රාජපක්ෂ ප්‍රකාශය ඔවුන් වෙත යොමු කරන ලද්දකි. එය තරැනයන් හට කරන ලද අවමනකි. වියපත් සීයලාට වඩා අද 5 පන්තියේ සිසුවෙකුගේ දැනුම වැඩිය. පසුගියදා නිමාවු ඒ ජා ප සමිමෙිලනය තුලදීද දැක ගත හැකිවු ප්‍රධාන කරැනක් වුයේ විශාල තරැන සහාභාගිත්වයයි. අතිතයේ ඒ ජා ප අනුගාමිකයන් වුයේ අවු 45ට වැඩි අයවලුන්ය.. බොහොමයක් එවක රජයෙන් ඉඩමි, ගමි උදා නිවාස, රැකියා ලැබුවන්ය.. කැපුවත් කොල කියන අයය.එහෙත් අද දිනෙන් දින දැනුමෙන් පෝෂනය වන තරැනයන් ආකර්ශනය කරගැනීමට ඒ ජා ප ය සමත්වී ඇත.
හේතුව – අද ඒ ජා පය යනු එක් පුද්ගලයෙක් හෝ පවුලක් වටා ගොනු වු පක්ෂයක් නොවෙි. සංවාදය මත ගැටුමි වලට ඉඩ ඇත.. හොදම උදාහරනය නමි රනිල් සජිත් ගැටුමය. ඒය ඇත්තටම පක්ෂයේ දියුනුවට හොද දෙයකි. මෙම මත ගැටුමි පක්ෂයේ දුර්වලතා සාදා ගැනීමට බෙහෙවින් ඉවහල් වෙි. රාජපක්ෂ ඉන්නා පක්ෂයක මෙය කිසිදා සිදු නොවෙනු ඇත..මහින්ද විසින් තම අභිමතයට විරැද්ද වූ සමහර පුද්ගලයින්ට කාමරයකට දමා අතින් පයින් පහරදුනු බව ප්‍රසිද්ධ රහසකි ..ජවිපයේද සිදු නොවනු ඇත.. සිදුවනුයේ පක්ෂය හැර දමා ගොස් සමිප් එකට තෙල් බැස ඇති බව පැසීමය. නමුත් මෙ ඒ ජා ප යේ තරැන ආකර්ශනය රැදී පවතිනුයේ ඉදිරියේ තම ක්‍රීයා කාරීත්වය තුලය. විවෘත භාවය තුලය.
Priyantha Jayawardena – 07/12/2015

නයා සහ දියමන්තිය

Featured image
මෙ දිනවල සිදුවන නාමයෝජනා ලබාදීමි, පාවාදීමි, පිල් මාරැ කිරීමි ආදිය සිදුවන අල්ලපනල්ලේ යමි සුභදායී ආරංචි කිහිපයකුත් ඇත. ඒ ඹරිජිනල් දෙවරක් පෙරන ලද pure breed ” සිංහලයන්ගෙ සුපිරිසිදු ” ජාතිවාදී සංවිධාන දෙකක් වන බොදු බල “සේනාවෙ ” සේනාව හලාල් වී බොදු බල පක්ෂය විමත් .. අනෙක හෙල උරැමය හලාල් වී එක්සත් ජාතික පෙරමුන විමත්ය..

දවල්ට පොලු මුගුරැයි රෑට නවගුන වැලයි අතේ තියාන කලක් බලයේ සිටි දේශපාලකයන්ගේ සුරතල් සුනඛයන් වී සිටි මෙ දෙපල අද අනාත වී ඔබ මොබ ඇවිදිමින් සිටී…මෙයට ප්‍රධාන හේතුව පසුගිය මැතිවරනයේ ප්‍රතිපලයි. එනමි ප්‍රධාන ප්‍රවාහ දෙකම පිලිගත් දෙයක් වනුයේ මෙතෙක් උඩදමා තැලු ජාතිවාදයට දැන් ඉඩකඩ නැති බවය.. මැතිවරනයක සුලු ජාතීන් තිරනාත්මක සාධකයක් වන බවය..මෙ විපර්යාසයත් සමග සමහර ජාතිවාදී කොටස් ඒක් ප්‍රධාන ප්‍රවාහයකට ඇදී නොගියාද නොවෙි.. නමුත් පෙර තරමි එම තුරැමිපුව දැන් වලංගු නොවෙනුු ඇත…
දැන් ඉහත කී සංවිධාන දෙක මැතිවරනයට ඉදිරිපත් වෙයි ..මෙ දෙකට එකල සැලකියයුතු අනුගාමිකයින් පිරිසක්ද සිටියේය… ඔවුන් සාදු සාදු කියමින් පොලු මුගුරැ ගෙන සුලු ජාතීන්ට එලව එලවා නෙලුවෙිය…
ඉදිරියේදී ජාතිවාදය වෙනත් මුහුනු වරකින් එලියට නෙපැනේවි යැයි නොකියමි .. ඒ ජාතිවාදය ක්ෂනික ප්‍රසිද්ධියක් ගෙන දෙන මාතෘකාවක් වන බැවිනි .. නමුත් ඉදිරි මැතිවරනයේ එක් අනාවැකියක් කිව හැක … එනමි ඥානසාර, රතන, චමිපික , කල්ලි කුජීත වී ඉතිහාසයට එක්වනු ඇති බවය …
කෙසේ වෙතත් ” ඉකිබිතිව නයා සහ දියමන්තිය හලාල් විය ”
Priyantha

කොදුරැ තෙල් හත්පටිටයක් සහ තව ටිකක් …!!

ජනවාරි 8 කල විප්ලවීය හැරවුම අද යමි අනතුරක වැටී ඇති බව පැහැදිලිය …  මෛත්‍රී ජනාධිපතිවරයා සත්භාවයෙන් විශ්වාස කලේ කුනුවී ගද ගසන තිබුන පාර්ලිමෙන්තුවෙන් උවද තමන් පොරොන්දුවු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරන ඉටු කර ඡන්දයකට යා හැකි බවය. එයට ඔහු ලන්සු තැබුවෙ තම පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර පිරිසකගේ සහයෝගයයි … එයට මහින්ද රාජපක්ෂ විසින්ම පක්ෂයට ගෙන එන ලද සංශෝධනයක් වන ජනාධිපතිවරයා නිතැතින්ම පක්ෂයෙත් නායකයා විය යුතුය යන්න ඉවහල් කර ගෙනය..

නමුත් සිදුවුයේ කුමක්ද ? තම මන්ත්‍රීවරැන් නමිමා ගැනීමට  කප්පමි වශයෙන් ඇමති කමි, නි. ඇමති කමි , උපදේශක කමි දෙන්නට සිදුවිය.. නමුත් යහපාලන ඇමතිකමි වල මහින්දගේ මෙන උරාබීමට කිසිම ජූස් එකක් තිබුනේ නැත.. ඔවුන්ට අනුව මෙලෝ රහක් නැත.  එනමි හිතෙන හිතෙන මගඩි පගා වලට ඉඩ නැත.. කනදක් ගිලපු එවුංට මි බෙටිටෙං වැඩක් නැත.. අවසානයේ පක්ෂයේ ඇමති නි. ඇමති මන්ත්‍රීවරැ අතලොස්සක් සමග මෛත්‍රී තනිවිය..

නමුත් මෛත්‍රීටත් කීමට දෙයක් ඇත.. 20 නැතත් 19 වෙනි සංශෝධනය ගෙන ආ බවය…නමුත් ගෙනාවෙ 19 උවත් පොරොන්දු වූ 19 නොව එයින් මංචාඩියකුත් තවටිකකුත් පමනි. එහි ප්‍රධාන අංගයක් වන ස්වාධින කොමිෂන් සභා පා මන්ත්‍රීවරැන්ද ඇතුලත් කිරීමෙන් විකෘති වි ඇත. නමුත් එම සභා වලටවත් ඉතිරිය පත් කිරීමට මෛත්‍රී සභාපති වන ශ්‍රීලනිප පක්ෂයේ සහයෝගය නොලැබිනි.. ඒ මදිවට විස්සකුත් ගෙනාවෙය.. අවසානයේ ගෙනාපු 19කුත් නැත … 20කුත් නැත…

මෛත්‍රී සමග සිටින සමහර පාර්ශවයන්ගේ අරමුන වුයේ කල් මැරීමයි . ඔවුනගේ අරමුන වුයේ මෛත්‍රී රැක ගැනීම නොව ඉහල ජනප්‍රීයතාවයක සිටින යු එන් පී ය මටිටු කිරීමයි.. ඒ එතුලින් තමන් මෛත්‍රී ආන්ඩුවෙ පාලනය අතට ගැනීමෙ අභිලාශයයි.. මෛත්‍රී පත් කිරීමට විශාලතම කාර්යභාරය කලේ ඒ ජා ප යයි.. ඹවුන් සැම විටම මෛත්‍රී පත්කලා මෙන් ඔහු ආරක්ෂා කිරීමෙ කාර්්‍යයත් ඉටුකල බව නොරහසකි..  නමුත් සිදුවුයේ මෙම කල් මැරීම මගින් මෛත්‍රී පිටුපස සැගවී සිටින අය තමන් සැලසුමිකල ලෙස බලවත් වීම නොව මහින්ද පාර්ශවය බලවත් වීමයි .. දැන් ඔවුන් නැටිට ගිනි අරගෙන ඇති බව පෙනේ.. මෙයින් පෙනෙනුයේ මෛත්‍රීගේද දේශපාලන ගනන් බැලීම වැරදි බවයි.. නැතිනමි මෙම කුමන්ත්‍රන කරැවන්ගේ ගැටයට ඔහු හසුවුනු බවය.. සිදුව යුතුව තිබුනේ ශ්‍රීලනිප යේ සභාපතිත්වය ලැබුනු සැනින් ඡන්දයකට යැමයි.. සුජාත පාර්ලිමෙන්තුවක් මගින් සියලු ප්‍රතිසංස්කරන සිදු කිරීමයි..

19 නොමැතිව සාධාරන ඡන්දයක් පැවැත්විය නොහැකි බව මෛත්‍රී පාර්ශවයේ ඇතමුන්ගේ තර්කයක් විය.. නමුත් තියෙන විධායක ක්‍රමය තුලත් සාධාරන ඡන්දයකට විධිවිධාන ඇත.. සාධාරන නොවුනි නමි එය සිදු වුයේ විධායකයේ අනුහසිනි.. මෛත්‍රී පාලනයක් තුල කිනමි ව්‍යවස්ථාවක් තිබුනත් සාධාරන ඡන්දයක් බලාපොරොත්තු විය හැකි බව සැක නැත..  ඒ ඔහුගේ මෙ කෙටි කල තුල ඔහු විධායකය පරිහරනය කල ආකාරය සැලකීමෙනි . කෙසේ උවත් මෙහිදී මෛත්‍රීගේ අභිලාෂයන් අගය කල යුතුය. අවුරැදු 20 පමන සිට අවුරැදු පතා ලංකාවට පැමිනෙන මා  හිතවත් බටහිර රටක වි‍දේශික මිතුරෙක් ඇත.. පසුගිය පෙබරවාරියේ ඔහු සමග දොඩමලුවූ අවස්තාවක මා කීවෙ අප ජනාධිපතිතුමා තම බලතල අඩුකිරීමට ක්‍රීයා කරන බවත් ලගදි එම පනත් පාර්ලිමෙන්තුවට ගෙනඑන බවත්ය.  වික්ෂිප්තව ඔහු කිවෙ තම රටෙ නමි බලයේ ඉන්නා අය තම බලය අතිහැරීමට නොව තව තවත් තරකරගන්නේ කෙසේදැයි කැස කවන බවය.. ඔබ නව ජනපති වරයාගේ මෙම ක්‍රීයාව දියුනුයැයි කියන  අප රට ආදර්ශයට ගත යුතු යැයි කීය..

ගිය නුවන ඇතුල් ලවා වත් අද්දන්න බැරිය … කියමනකි .. නමුත් .. දැන් මෛත්‍රීහට ගිය නුවන ඇද්දවීමට ඇතුන් ලවා මිස වෙනත් විකල්පයක් නැත..  ඒ ඇතුන් විසින් ඔහු පත්කර මෙතෙක් සත්භාවයෙන් මහු ආරක්ෂා කල නිසාවෙනි.. තම පැවැත්ම ගැන සිතා ජනතාව ප්‍රතික්ෂෙප කල මහින්ද පවුල සමග ඩීල් දාගැනීමට යාමෙන් වනුයේ ජනවාරි 8 ජනතා විප්ලවය ආපසු හැරවී මෛත්‍රී පාලනය කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේනත් සුන්නත්දුලි වන බවය..

ප්‍රියන්ත ජයවර්ධන1955412770unnamed