pay

ගෙය ජරාවෙන නිසා දොරවල්  වසා අගුපිලේ බුදියමු ..!!

=====================================

පදික වෙදිකාව ඇත්තේ පදිකයන්හටය … පාර ඇත්තේ වාහන ගමනාගමනයටය… හොදයි …! පාරේ වාහන ගමන්කරන්නේ නැතිනමි..? පදිකයන්හට පාරේ උවද ගමන්කල හැක..

ලොව දියුනුම රටවලත් පදික වෙළදුන් ඇත… ( ඡායාරෑප එකතුව බලන්න)  එය දැන් එම රටවල සංස්කෘතික අංගයක්ද වී හමාරය.. මෙම වීදි පිහිටා ඇත්තේ නගරය මැදය.. බොහෝ විට මෙම වීදී වල වාහන ගමනා ගමනයක් සිදුනොවෙ… මෙම වීදි පදික වෙළදාම සදහාම වෙන්කර ඇත.. වාහන ගමනයට වෙනත් විකල්ප  මාර්ග ඇත… මෙම වීදී පිහිටා ඇත්තේ ප්‍රධාන ගූගත විදුලි දුමිරියට පිවිසෙන අසල මාර්ග, බස් හෝ ටෑමි රථ පිවිසුමි ස්ථාන වලට යාබද මාර්ග අසලය..

වීදි වෙලදාමෙ ස්වභාවය නමි.. ඔබට කිසිම දෙයක් මිලට ගැනීමට අදහසක් නැත.. ඔබ ඇවිදන් යන්නේ දුමිරියට ගොඩවී ගෙදර යෑමට විය හැක.. නමුත් වීදියේ විවිධ දේවල් විකිනීමට ඇත.. සමහර දේවල්වලට ඉතාමත් ආකර්ශනීය මිල ගනන් නියම කර ඇත…  මහජන ප්‍රවාහනය ( PUBLIC TRANSPORT ) උපයෝගි කරගන්නෙක් නමි , පිටකොටුව ප්‍රදේශයේ කලකට ඉහත ගමන් කර ඇත්නමි මොහොතකට හෝ නතරවී යමක් මීලදී නොගත් කෙනෙක් මා නමි අසා නොමැත…  මෙම විදී වෙලදාම තහනමි කල පසු ඔවුන් සදහා ලෝක වෙළද මධ්‍යස්ථානයක් යැයි කියා අටිටාල වගයක් බෙරේ වැව ආසන්නයෙන් ඉදිකර දිනි.. දැන් එම කඩ හුගක් වසා දමාය .. ඉන්නා වෙලදුන්ගෙන් ඇසු විට බිස්නස් නැති බව කියයි…

හේතුව ..? කෙනෙක් මෙම පසුව පිහිටවු ස්ථානයට ගොඩවන්නේ යමක් මිලදී ගැනීමෙ අටියෙනි ( PREMEDITAED ACT) .. බිස්නස් නොමැතිව සිටින වෙලෙන්දන් යමක් විකුනා ගැනීමට පැමිනෙන්නන් ආක්‍රමනය කරති.. මෙය සමහර විට ඉහත තරමි නොවුනත් ඔබ වායුසමනය කරන ලද විලාසිතාගාරයකට ගොඩනැගුනු විටද දැකිය හැක… ඔබට පාඩුවෙ යමක් තෝරා ගැනිමට ඉඩකඩ නැත… සේල්ස්මන් හොල්මනක් ලෙස ඔබ වටෙ කැරකෙයි.. තමන් වෙනුවට ඔහු ඔබට ඇදුමි තොරා දෙයි .. නිකං හරි මුකුත් නොගත්තොත් අවඥාවෙන් සිනා සෙයි… එනමි ගොඩවැදුනේ නමි ඔබ යමක් ගත යුතුම බවට පරිසරය සකසයි… පසුගිය කාලේ නමි පේමන්ටි වසා රජයේ වියදමින් ඇරියේ ආර්කේඩිය … 250 කට ආප්පයක් කමින් ගමං රැපියල් 15.000 සපත්තු ‍ජෝඩුවකුයි 10.000 කලිසමකුයි ගත හැක..

වීදි වෙලදාමෙ රහස නමි .. විදියේ ගමන් කරන්නේ ගෙදර යැමට විය හැක .. සමහර විට අද නං හවසට බාගයක් ගහන්න හිතා ගෙන යනවා වියහැක .. “ ආ ත්‍රී ඉන් වන් … ජොඩු පහක් දෙසීයයි” අන්න එවිට තමන් හැමදාම හෝදලා වෙලා ගෙන ඇදගෙන යන ඉරිචිච ජොකා මතක් වෙයි … බඩු නං එචිචර කොලිටියක් නැතත් 5ක්ම දෙන නිසා කෙවල් කර 175කට මිලදී ගනියි..  බාගය වෙනුවට කාලක් ගහයි …  මෙය අහඹු ක්‍රීයාවකි ( RANDOM ACT )

වීදියේ ඔබට ඔනැම දෙයක් ප්‍රතික්ෂේප කල හැක… කවුරැත් අවඥාවෙන් සිනා සෙන්නේ නැත… ගාන … කේවල් කල හැක … අතන ඇත්තේ කමිපැනි ප්‍රයිස් ය … වීදියේ විකුනන දෙයක් උනත් කොහේ හො කමපැනියක සැදු නමුත් ඔවුන්ට කමපැනි ප්‍රයිස් නැත…

මෙම දේවල් වල තත්වය…. හොද දෙයත් ඇත .. බාලම දෙයත් ඇත… එක්තරා ප්‍රසිද්ධ මෙගා ස්ටෝර්ස් නමින් යන සුපර්මාර්කටි එකක විකුනන්නට තිබු ටූල් සෙටි එකක් එයම හරි අඩක මිලකට පිටකොටුවෙ වීදියෙන් මිලදී ගන්නට මට හැකිවිය… එසේ නමි වීදි වෙලෙන්දාටද මෙහි ලාබයක් ඇත.. නමුත් ඉහත සුපර් මාර්කටි එක කෙතරමි ලාභයක් ලබනු ඇද්ද ?  චීනයෙන් ආනයනය කරන ලද සමහර දේවල් නමි විෂ සහිත වීමෙන් අනික් රටවල් ප්‍රතික්ෂේප කල ඒවාත් වියහැක… එය රටෙ ආනයන ප්‍රතිපත්තියක් මිස වෙලෙන්දාගේ වැරද්දක් නොවෙ…

කොළඹ ආයෙත් කැත වෙනවලු …. ලොකුම විහිලුව ….!! රටක් යනු සපත්තු දෙක වගේ පොලිෂ් කර පෙටිටයේ දමා අරන් තියෙන දෙයක් නොවෙ… නගර සභාව ඇත්තේ එයටය.. නඩත්තුවට වෙලෙන්දන්ගෙන් බදු මුදලක් අය කර ගත හැක…

පාර අවහිර වෙනවලු …… තවත් විහිලුවකි …. පසුගිය කාලේ දේශපාලුවෝ පමනක් නොව උන්ගේ හොර අඹු ඉන්නා පාරවලුත් වසා තිබිනි … එතකොට අවහිරයක් නැත… ඒවා හොදය … වීදි වෙළදාම සදහා ඇති විදී වල වාහන රාත්‍රීයේ පමනක් ගමන් කිරීමට සැලැස්වීමෙන් දිවා කල වාහන සදහා පමනක් විකල්ප මාර්ග නිර්දේශ කල යුතුය…පිටකොටුවෙ තරමි අතුරැ මාර්ග ලංකාවෙ වෙන කොහේවත් නැත…

ඇත්තටම මෙම නීති සැදුවෙ ලංකාවෙ පේමන්ටි එකක  ජීවිතේට පයින් නොගියපු නැතිනමි කිසිම බඩුවක් නොගත්ත අයවලුන්ය… ඔවුන් ගන්නේ ලුයි විටොන්ය… ඔරලෝසුව රොලැක්ස්ය … බල්ලා බුදියන්නේ ඒ සී එකේය…. උනට බෙත් ගන්නේ ටෙක්සාස් නැතිනමි සිංගප්පුරෑ ගොසින්ය… පේමන්ටි එකේ මෙවා නැත… උන්ට මොකැයි…!!

දිනපතා පයින් බසය ගැනීමට නැතිනමි දුමිරියේ යන අයගෙන් සංඝනනයක් කල හොත් ඔවුන් කවුරැත් පදික වෙදිකා වෙළදාමට විරැද්ධ වන්නේ නැත… ඒ ඔවුන්ට ලුයි විටෝන් ගන්න සල්ලි නැති නිසාය.. අඩු වශයෙන් ලුයි විටොන් කොපියක් හරි තුටිටු දෙකට ගතහැක…

රටක් ඇත්තේ හරියට ගෙදර පොලව මප් කර මිදුලට වී සිටිමට මෙන්  නොවෙ…. එසේනමි ගෙය ජරාවෙන නිසා දොරවල්  වසා අගුපිලේ බුදියමු ..!!

Advertisements