බුකියේ සමහර අදහස් අනුව ප්‍රධාන මතයක් වනුයේ නැවත පදිංචි කිරීමෙදි සිංහල ජනයා සමග මිශ්‍රව පදිංචි කිරිමයි .. පුද්ගලිකව මාත් කැමති ලස්සන අදහසක් උවද මෙ සදහා අප රට සුදානමිද ? … මෙ සමිබන්ධයෙන් ප්‍රධාන වෙන සුලු ජාතීන්ගේ අදහස කුමක්ද ? ලංකාවෙ පමනක් නොව අනෙකුත් බොහෝ දියුනු රටවල පවා සුලු ජාතීන් සමූහයක් වශයෙන් ජීවත් වීමෙ හේතුව කුමක්ද ?

ලොකයේ බොහෝ රටවල සුලු ජාතීන් ස්වභාවයෙන්ම සමුහයක් වශයෙන් ජීවත් වීමට කැමැත්තක් දක්වති.. තම සංස්කෘතිය පවත්වා ගැනීම, භාෂාව, ආගම ඇදහීම සහ සමුහයක් වශයෙන් සිටිමෙන් තමන්ගේ ආරක්ෂාව තහවුරැ කරගැනීම මෙයින් මූලික වෙ.. පිට රටවල පදිංචි වී සිටින ශ්‍රී ලංකිකයන්ටත් මෙය පොදු දෙයකි .. උදා..

USA – Little Sri Lanka Tompkinsville Staten Island New York City

Canada – Malvern Scarborough Toronto (Toronto is the largest Tamil speaking community outside South Asia

UK – mainly based in London East Midlands

සාමාන්‍යෙයන් ලංකාවට මූලිකව කතා කලහොත් මම හිතන්නේ ඉහත කී කරැනු වලට අමතරව ඔවුන් ලංකාවෙ සමුහයක් ලෙස  ඉන්න පුරැදු වෙලා ඉන්නේ විශේෂයෙන්ම තමන්ගේ ආරක්ෂාවට…. 1915  ගනන් වල 50 ගනන් වල 60 ගනන් වල 80 ගනන් වල  සුලු ජාතීන් මුල් කරගෙන  කොලාහල ඇති විය..  මැතක සිදුකල මුදල් මංකොල්ල සදහාම සිංහල හමුදා ඛාන්ඩ විසින් කරන ලද පැහැරගෑනීමි සහ අලුත්ගම සිදුවීමි වලදී බැට කැවෙ ඇත්තටම සුලු ජාතීන්…

කෙනෙක් පදිංචිවමට තැනක් තොරා ගන්නේ කාලා නිදියන්න පමනක් නොවෙයි … අනාගතය …

සිංහල අපිටනමි පදිංචි තැනෙන් පාරක් යන්නේ නැතිනමි වෙනත් කිසිම අභියොගයක් නැත.. අනාගතයෙත් ඇති වන්නේ නැත…ඒ අවට පරිසරය තුල තමයි දරැවන් ඉගෙන ගන්නවා … දරැවන්ගේ  දරැවනුත් ඉන්නේ .. එය අපට සුලු ජාතීන් වෙනුවෙනුත් සදාකල් සහතික විය හැකිද ? අද සුභදායි වාතාවරනයක් තිබුනත් හෙට ..තව අවු 10 කින් .. 50 කින් … 100 කින් එහෙම නොවෙයි කියලා සහතිකයක් දෙන්න පුලුවන් කාටද ? සුදු ජාතිකයින් අවුරැදු 500 කට පෙර ලංකාවෙ ඇවිත් කල කී දේවල් අදටත් අප අමතක කර නැත… ඉහත සදහන් කල කෝලාහල වලදී සිදුවූ දේවල් පරමිපරා ගනනක් ඔවුන්ගේ මතකයෙන්ද ඉවත් නොවෙනු ඇත…

එසේනමි ලස්සන අදහස … එකට ජීවත් වීම …

මා ඇතුලු මගේ සහොදරයන් සතරදෙනාම ඉගෙනුම ලැබුවෙ කොළඹ පාසැලකය…පාසැලේ මගේ හොදම මිතුරා වුයේ  දමිල අයෙකි … අද බැංකුවක විධායක රැකියාවක් කරන ඔහු අදටත් මගේ මිතුරෙකි…  පාසැලේ දීප්තිමත් සිසුවෙකු වූ ටී එන් එ සංවිධානයේ නීතිඥ සුමන්තිරන් මගේ එක් සහොදරයෙකුගේ පාසැල් මිතුරාය .. ඔවුන් අදටත් මිතුරන්ය.. නමුත් සංහිදියාව යනු අප පුද්ගලිකව දන්නා හදුනන අයම නොවෙ…

එකට ජීවත් වීම සිහිනයක්ද ?  සැබෑ වෙන සිහිනත් ඇත ….  දුර ගමනක් යා යුතුය…ආරමිභයක් ගතහැක… ජනපති සිරිසේන මහතා මෑතකදී කී පරිදි භාෂා ආගමි මත වෙන් නොවූ පාසැල් ඇති කිරීම මෙයින් ප්‍රධාන වෙයි.. අනෙක් ප්‍රධාන දේ නමි නැවත කිසි දිනක ජාතින් පදනමිව හිරිහැර කිරීමි ඇති නොවන බවට මහා ජාතිය ආදර්ශමත් වීමය..

මොවුන් දැනට සමුහ වශයෙන් ජීවත් වීම ගැන මහා ජාතියේ බියක් ඇත..  ඒ මොවුන් මෙසේ ඒකරාශි වන්නේ තමන්ට කෙලින්නට කියාය… එහෙම හිතන කිහිප දෙනෙකුත් සිටිය හැක …  සිංහලයන් අතරත් එහෙම සිතන අය සිටිති..  නමුත් අද මොවුන් සමුහ වශයෙන් ජීවත් වන්නේ ආරක්ෂාවටය …. නැතිනමි බියටය …. එය නැතීවු දින මගේ අසල්වැසියා මුස්ලිමි හෝ දමිල කෙනෙකු විය හැක…. ආ මග කෙටියි …යා යුතු දුර බොහොයි ….

Advertisements